ඔබත් ඊ.පී.එෆ්. සාමාජිකයෙක්ද ? මෙන්න දැනගන්නම ඕනි පණිවුඩයක්

Report

සේවක අර්ථසාධක අරමුදල විසින් සිය සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවනු ලැබූ සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දී (2024) රුපියල් බිලියන 188.1 දක්වා සියයට 12.9කින් අඩු වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.

නවකවදයට එරෙහිව රජ ගත් අලුත් තීරණය... ජනපතිගෙන් කණගාටුව

නවකවදයට එරෙහිව රජ ගත් අලුත් තීරණය... ජනපතිගෙන් කණගාටුව

මෙකී අරමුදල විසින් 2023 වර්ෂයේ දී සිය සාමාජිකයින්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවනු ලැබූ සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 215.9කි. 2020 වර්ෂයේ දී රුපියල් බිලියන 109.7ක්, 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 118.2ක්, 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 163.0ක ප්‍රතිලාභ සිය සාමාජිකයන් වෙත ගෙවා තිබුණි.

මෙම අරමුදල සඳහා දායක මුදල් ගෙවමින් සිටින සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 2.6කි. කෙසේ වුවද ඉකුත් වර්ෂයේ දී අරමුදල සඳහා මුළු දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 234.4 දක්වා සියයට 11.3කින් ඉහළ ගොස් තිබුණි.

නවකවදයට එරෙහිව රජ ගත් අලුත් තීරණය... ජනපතිගෙන් කණගාටුව

නවකවදයට එරෙහිව රජ ගත් අලුත් තීරණය... ජනපතිගෙන් කණගාටුව

අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම 2024 වර්ෂය අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා සියයට 12.6 කින් සැලකිය යුතු ලෙස වැඩි වී තිබූ බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි. 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 3,886.7 ක ශුද්ධ වටිනාකමක් වාර්තා කර තිබුණි.