දෙවෙනි පාරටත් Heart attack එකක් එයි කියලා බයද?

Ministry of Health Sri Lanka Heart Attack Patient Sinhala news
By Kaushi May 12, 2025 04:47 AM GMT
Kaushi

Kaushi

Report

මේ දවස්වල වයස් භේදයක් නැතුවම හැම පුද්ගලයෙක්ටම heart attack ඇති වෙනවා.

ඒකට හේතුව ගොඩක් වෙලාවට මිනිස්සු ඉන්න තරඟකාරී ජීවන රටාව.

පළවෙනි පාරට Heart attack එහෙම නැත්තම් හෘදයාබාධයක් ආවම ගොඩක් මිනිස්සු බය වෙන්නේ දෙවෙනි attack එක කවදා එයිද කියලා.

ගමන් මල්ලකින් කුඩා දරුවකුගේ මළ සිරුරක් හමු වෙයි

ගමන් මල්ලකින් කුඩා දරුවකුගේ මළ සිරුරක් හමු වෙයි

මොකද සමාජෙ බොහෝ දෙනා දරන මතයක් තමයි දෙවෙනි හෘදයාබාධයෙන් මරණය වුවත් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව.

හෘදයාබාධයක් කියන්නේ හෘද පේෂීවල යම් කොටසක ඇති වෙන රුධිරය සංසරණය අවහිර වීමක්.

ඒ අනුව පපුවෙන් පටන් ගෙන අත්, ගෙල පෙදෙස සහ ආමාශය දක්වා හෘදයාබාධය නිසා වේදනාව පැතිර යනවා.

ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා, හිසරදය, දහඩිය දැමීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණත් දක්නට ලැබෙනවා.

ඇතැම් විට කාන්තා පාර්ශවයට මෙම රෝග ලක්ෂණවල වෙනස්කම් ඇති වෙනවා.

ඒ අනුව කාන්තාවන්ට වෙහෙස ඇති වීම, අජීර්ණ තත්ත්ව ඇති වීම පෙන්වා දෙන්න පුළුවන්.

පළවෙනි වතාවට හෘදයාබාධයක් ඇති වූ පසු අධික ලෙස තම නිරෝගීභාවය ගැන සැළකිලිමත් වීම බොහෝ දෙනාට පොදු වූ කරුණක්.

ඔබත් එවැනි පුද්ගලයෙක් නම් දෙවෙනි වර ඇති වේ යැයි බියෙන් සිටින හෘදයාබාධය වළක්වා ගැනීමට මේ පුරුදු ඇති කරගන්න පුළුවන්.

සමබල ආහාර වේලකින් ඔබේ දවස ගත කරන්න. නිවැරදිව සහ පුරුද්දක් ලෙස දැඩි වෙහෙසක් නොදැනෙන ලෙස ව්‍යායාම කරන්න.

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

අධික මත්පැන් පානයට නැඹුරු වූ අයෙක් නම් ඉන් අත් මිදීමට කටයුතු කරන්න, විශේෂයෙන් දුම් බීමෙන් වළකින්න.

නිතිපතා තම සෞඛ්‍ය පිළිබඳ අවදානය යොමු කරන්න.

එසේම බොහෝ විට පළමු වරට ඇති වෙන හෘදයාබාධය පිළිබඳ බොහෝ දෙනා දැනුවත් නැහැ. එසේම පළමු වරට හෘදයාබාධය ඇති වූ පසු බොහෝ දෙනා මානසික කඩා වැටීමකට ද ලක් වෙනවා.

නමුත් නිවැරදි අවබෝධය සහ නිවැරදි වෛද්‍ය උපදෙස් ඔබව නැවත නිරෝගී පුද්ගලයෙක් කරන බව සිතා නිවැරදි පුරුදු අනුගමනය කිරීමට වග බලා ගන්න.

ReeCha