දුඹුරු බිත්තර වඩා පෝෂණදායකද?

By Shehan Jan 18, 2026 03:37 AM GMT
Report

බිත්තර කියන්නේ සෞඛ්‍යට හිතකර ආහාරයක් කියලා කවුරුත් දන්නවා.

විටමින් A – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් B 5 : 9%ක්, විටමින් B -12 15%ක්, විටමින් B 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා.

සමහරු අගුණයි අගුණයි කිවුවට, බිත්තර කියන්නේ ලෙඩ රෝග රැසකට ගුණ දෙන ආහාරයක්.

සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ මුලින්ම කහ මදය කන්න කියලා. මොකද වැඩිපුරම පෝෂණ සංඝටක අඩංගු වෙන්නේ කහ මදය තුළයි. බිත්තර කහමදයේ විටමින් A කැල්සියම්ල යකඩ, තෙල්, පොස්පරස්,ඛනිජ ලවණ, ආදී සංඝටක යහමින් අඩංගු වෙනවා. ඒ වගේම බීටා කැරොටීන් කියන සංඝටකය නිසා තමයි මෙම කොටස කහපාටක් ගෙන තියෙන්නේ.  

දුඹුරු බිත්තර වඩා පෝෂණදායකද? | Are Brown Eggs More Nutritious Than White

සාමාන්‍යයෙන් බිත්තර මිලදී ගන්න ගියාම සුදු බිත්තර සහ දුඹුරු බිත්තර කියලා දෙකෙක් තියෙනවනේ.

ඒ වගේම මේ සුදු බිත්තර වලට වඩා දුඹුරු බිත්තර ටිකක් ගණන්. ඒ නිසා ගොඩක් අය හිතන්නේ මේ වර්ග දෙකේ පෝෂණයෙත් පොඩි වෙනස්කමක් ඇති කියලා.

සරලවම කියනවා නම් සුදු බිත්තර දාන්නේ සුදු කිකිළියන්. දුඹුරු බිත්තර දාන්නේ දුඹුරු කිකිළියන්. වෙනසකට කියලා තියෙන්නේ දුඹුරු කිකිළියන් සුදු කිකිළියන් ට වඩා ශරීර ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. ඒ නිසා එයාලට වැඩිපුර කන්න දෙන්නත් ඕන. හැබැයි එහෙමයි කියලා බිත්තර වර්ග දෙකේ පෝෂණ ගුණයේ නම් කිසිම වෙනසක් නැහැ.  

දුඹුරු බිත්තර වඩා පෝෂණදායකද? | Are Brown Eggs More Nutritious Than White

එතකොට ගම් බිත්තර කියන්නේ මොනවද? 

[

ගම් බිත්තර කියන්නේ ගෘහාශ්‍රිත ව නිදැල්ලේ ඇතිකරන කිකිළියන්ගේ බිත්තර. සාමාන්‍යයෙන් එහෙම ඇතිකරන ගොඩක් කිකිළියන් දුඹුරු කිකිළියන්. ඒ බිත්තර කොහොමත් දුඹුරු පාටයි. හැබැයි අනෙක් බිත්තර වලට වඩා ගම් බිත්තර කහ මදය දීප්තිමත් කහ,තැඹිලි පාටක් ගන්නවා. මොකද එම කිකිළියන්ට වෙනම කෑම දෙන්නේ නැහැ. උන් නිදැල්ලේ සැරිසරමින් අවට පරිසරයෙන් තමයි කෑම හොයාගන්නේ. අන්න ඒ නිසා ඒවා ෆාම් බිත්තර වලට සාපේක්ෂ ව පෝෂණීය ගුණයෙන් ඉහළයි.  

දුඹුරු බිත්තර වඩා පෝෂණදායකද? | Are Brown Eggs More Nutritious Than White

බිත්තර කෑවම පව් පිරෙනවද?  

කිකිළි බිත්තරයක් කියන්නේ ඩිම්බයක්. සංසේවනය වුණත් නැතත් ලිංගික පරිණතියට පත් කිකිළියෙක් දවස ගානේ මොවුන් ඩිම්බයක් පිටකරනවා. සාමාන්‍යයෙන් ගොවිපොළ වල ඉන්නේ කිකිළියන්ගෙන් තමයි එවැනි බිත්තර ලබාගන්නේ. ඒ නිසා ෆාම් වල කුකුළන් නඩත්තු කරලා වැඩක් නැහැ. ඉතින් ෆාම් බිත්තර කියන්නේ සාමාන්‍යයෙන් සංසේචිත කිකිළි ඩිම්බ නෙවෙයි, එතන ජීවයක් නැහැ.    

කවුද හිතුවේ අන්නාසි කෑවට මෙහෙම දෙයක් - දන්නවා නම් කන්නත් බය වෙයි

කවුද හිතුවේ අන්නාසි කෑවට මෙහෙම දෙයක් - දන්නවා නම් කන්නත් බය වෙයි