අරගලයේ සිටි විදෙස් කතක් ලංකාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි..

Sri Lanka Gota Go Gama
By Aruna Aug 02, 2022 04:04 AM GMT
Aruna

Aruna

Report

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.

අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now