ලබන 12 වෙනිදා රජයේ නිවාඩු දිනයෙත් වැඩ කරන්න වෙයි..හේතුව මෙන්න..

Report

ලබන 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත් එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර තිබෙන බව වාර්තා වනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස පවසා සිටියා.

"ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් තැපැල් දෙපාර්තමේන්තුවට, මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු වසර මේ වසර. විදෙස් රටවල ඉන්න පිරිස් අපේ රටේ ඥාතීන්ට විශාල භාණ්ඩ ප්‍රමාණයක් පාර්සල් ලෙස එවලා.

අපේ වගකීම ඒ භාණ්ඩ නිසි වෙලාවට ඒ අදාළ තැනට යොමු කිරීම. අපිට විශාල ප්‍රශ්නයක් වුණා අවුරුදු කාලේ එන දීර්ඝ නිවාඩු.

ඒ අනුව තැපැල්පතිතුමාගේ උපදෙස් මත සියලුදෙනා තීරණය කරලා තියෙනවා 12 වෙනිදාත් සේවයට වාර්තා කරන්න.

රේගු නිලධාරීනුත් අපිට සහාය දෙන බවට දැනුම්දීලා තියෙනවා."