සාමාන්‍ය පෙළ සමතුන් හෝටල් පුහුණු පාසල් සඳහා බඳවාගැනීම ආරම්භයි - ආහාරපාන, නවාතැන් ඇතුළු රැසක් නොමිලේ -අයදුම්පත් මෙතනින්

Report

තරුණ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වාගෙන යනු ලබන හෝටල් පුහුණු පාසල් සඳහා නවක සිසුන් බඳවාගැනීම් ඇරැඹූ බවයි. ජූලි 01 වැනිදා ආරම්භ වීමට නියමිත ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකලාභී නව පාඨමාලා සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවීම දැන් අරඹා ඇත.

මෙම පුහුණු පාඨමාලා දඹුල්ල, කතරගම සහ දිගම්පතහ යන හෝටල් පුහුණු පාසල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. දඹුල්ල හෝටල් පුහුණු පාසල මගින් හෝටල් ගෘහපාලනය (NVQ 3), සහකාර බංගලාභාරකරු (NVQ 3), පිළිගැනීමේ අංශය (NVQ 4), ආහාරපාන සේවා සහයක (NVQ 4), වෘත්තීය සූපවේදය (NVQ 4), සහ පේස්ට්‍රි සහ බේකරි (NVQ 4) යන මාස 3 සහ 6 ක කාලයකින් යුත් පාඨමාලා ක්‍රියාත්මක කෙරේ.

වාහන අපනයනකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක් - ණයවර ලිපි සඳහා මේ දේ අනිවාර්යයි

වාහන අපනයනකරුවන්ගේ සංගමයෙන් නිවේදනයක් - ණයවර ලිපි සඳහා මේ දේ අනිවාර්යයි

එසේම, කතරගම සහ දිගම්පතහ හෝටල් පුහුණු පාසල් මගින් මාස 3ක හෝටල් ගෘහපාලනය (NVQ 3) පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසා දී ඇත. වයස අවුරුදු 18ත් 28ත් අතර, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් සමත් තරුණ තරුණියන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය.

පුහුණුව ලබන කාලය තුළ සිසුන් සඳහා ආහාරපාන, නවාතැන් පහසුකම්, ජාතික යොවුන් සේනාංක නිල ඇඳුම් සහ විශේෂ රක්ෂණාවරණයක් නොමිලේ හිමි වන බව අමාත්‍යාංශය කියයි. පහසුකම් හා සේවා ගාස්තු ලෙස ජාතික යොවුන් සේනාංක අයදුම්කරුවන් සඳහා මාසිකව රු. 6,000/- ක් ද, බාහිර අයදුම්කරුවන් සඳහා රු. 10,000/- ක් ද අය කෙරේ.

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

ඉන්ධන පිරවුම්හල් 7000ක් වසා දැමීමට තීරණයක් - ඉන්ධන අලෙවිය අත්හිටුවයි - කාන්තා සේවිකාව බිමට තල්ලු කර ඇඟට මුත්‍රා කරාට විරෝධයක්

මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ජුනි 03, 04, 05 සහ 09, 10 යන දිනවල පැවැත්වීමට නියමිතය. මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ නිල වෙබ් අඩවිය වන www.youthcorps.lk වෙත පිවිසීමෙන් හෝ අදාළ මාර්ගගත සබැඳිය හරහා අයැදුම් කළ හැක.

මාර්ගගත ලියාපදිංචිය සඳහා සබැඳිය: https://forms.gle/6f7LPctKQE92NijK9 වැඩිදුර තොරතුරු සඳහා පහත දුරකථන අංක ඇමතිය හැකි බව අමාත්‍යංශය සඳහන් කරයි. දඹුල්ල: 066-2286177

කතරගම: 071-5434322

දිගම්පතහ: 066-2225779