පුරප්පාඩු පිරවීමකට අයදුම්පත් කැඳවයි

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික පාසල් විසි හතරක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබ ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ දෙවැනි හෝ තෙවැනි ශ්‍රේණියේ නිලධාරීන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වනවා.

එසේම මෙවර පුරප්පාඩු පිරවීමේ දී අදාළ විදුහල්පති තනතුර සඳහා පත්වීම් ලබන නිලධාරීන් තනතුරේ අවම වශයෙන් වසර තුනකවත් සේවය කර තිබිය යුතු ය.

නව පත්වීම ලදහොත් පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව තනතුරේ රාජකාරි භාරගැනීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවට කොන්දේසියක් ද පනවා තිබෙනවා.

කො/ ආනන්ද ශාස්ත්‍රාලය, ගම් / නාලන්දා පිරිමි, ගම් / සාන්ත අන්තෝනි, කළුතර මහා විද්‍යාලය, වාද්දූව මධ්‍ය මහා විදුහල, නෙළුව ජාතික පාසල, ගාල්ල රිපන් බාලිකා, ගාල්ල ජනාධිපති බාලිකා, ගාල්ල වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය, මාර /ශ්‍රී සුමංගල බාලිකා, මාර / මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය, කාතන්කුඩි මධ්‍ය විද්‍යාලය, අග්‍ර බෝධි ජාතික පාසල, ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුග හින්දු බාලිකා, කුරුණෑගල යූ . බී. වන්නිනායක ජාතික පාසල, පන්නල මධ්‍ය මහා විද්‍යාලය, කෑගල්ල මාවතගොඩ රිවිසඳ මධ්‍ය විද්‍යාලය, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය, කලවාන ජාතික පාසල, දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසල, තෝපාවැව මහා විද්‍යාලය, කුලියාපිටිය එස්. ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, කටුගස්තොට ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විදුහල එම පාසල් වෙයි.

 

මාලදිවයින් ජනපති ලෝක වාර්තාවක් තබයි...

මාලදිවයින් ජනපති ලෝක වාර්තාවක් තබයි...