එක් කෝටි 60 ලක්ෂයක් වටින 1990 දශකයේ සපත්තු මෙන්න..ලෝකයේම අවධානයට යොමුවෙයි..
By Aruna
ඇපල් සමාගම විසින් 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50,000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව අයත් වන බවයි එම වාර්තා වැඩිදුරටත් තහවුරු කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඇපල් සපත්තු එම සමාගමේ සේවය කළ සේවකයන් වෙනුවෙන් පමණක් නිර්මාණය වූ බවත් පාරිභෝගිකයන්ට ඇපල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව නොලැබුණු බවයි.