රිය අනතුරක් සම්බන්ධයෙන් අධි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලූ පාඨලී පෙත්සමක් ප්‍රතික්ෂේප වේ
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව වර්ෂ 2016 දී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඔහු විසින් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
මේ වන විට එලෙස ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මෙම පෙත්සම අද (22) ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇත.
එහිදී විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකට අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.
ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.