සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නිදහස් කෙරේ
By Sithumi
මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිවන ආකාරයේ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අනුරුද්ධ බණ්ඩාර මහතා නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද නියෝග කළේය.
මෙම සැකකරුට අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
ඒ අනුව ඔහු මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. පොලීසිය හා විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ මෙම සැකකරු නිදහස් කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |