ලබන 20 වෙනිදා කරන්න යන මේ දේ ගැන දන්නවා ද?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..
By krishani
ලබන 20 වෙනිදා විසිහත්වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර, ශ්‍රී දළදා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත ය.
ඓතිහාසික අනුරාධපුර පුරාණ දළදා මාලිගාව අබියස සිදු කරනු ලබන ආගමික වතාවත් වලින් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට ගොස් හස්තිරාජයා මත කරඬුව තැන්පත් කිරීම එදින පස්වරුවේ සිදුකෙරෙනු ඇත.
පසුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට අභයගිරි විහාරස්ථානය දක්වා පෙරහැර වීදි සංචාරය කරනු ලබයි.
කෙසේ වෙතත්, එය උඩරට, පහතරට, සබරගමු යන නර්තනාංග සහ කලාංග වලින් සමන්විත වේ.