පොසොන් එකට අනුරාධපුරේ එන අයට විශේෂ දැනුම්දීමක්

Report

පොසොන් සමයේ අනුරාධපුර නගරය කසලවලින් තොර පුරවරයක් බවට පත්කිරීමට අදාළ අංශ තීරණය කර ඇත. ඒ අනුව නගර සභා නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍යයෙන් පොසොන් සමය තුළ අනුරාධපුරයේ කසල මෙට්‍රික් ටොන් 500ක් එකතුවන බවයි.

ඒ හේතුවෙන් මෙවර කසලවලින් තොර පුරවරයක් බවට අනුරාධපුරය පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අනුරාධපුරයේ දී පවත්වා ඇත.

ඒ පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති එන් අයි සුගතපාල සහ නාගරික කොමසාරිස් එච් ආර් නිශාන්ත, නගරාධිපති එන් කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බව වාර්තා වේ.

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

තවත් ව්‍යසනයක් අත ළඟ - හැටන් නුවරඑළිය ජනතාව බි‍යපත් කරමින් අවධානමක් ගැන දන්වයි

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා ඇත්තේ පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සපයන බැවින් අනවශ්‍ය දෑ රැගෙන ඒමෙන් වැළකී කැළි කසල එකතුවීම වළක්වන ලෙසයි.

එමෙන්ම පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරයි. එමෙන්ම දියනෑම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානවලදී පමණක් සිදුකළ යුතු බවත් සඳහන්.

ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ අනුරාධපුරයට පැමිණෙන සියලු රථවාහන සඳහා කසල වෙන්කර එකතු කිරීමට පොලිතින් බහාලුම් දෙකක් ලබාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ද ක්‍රියාත්මක බවයි.  

අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි

අද සිට 20 වැනි දා තෙක් දිවයින පුරා ක්‍රියාත්මකයි - සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ නිවාස වෙත මේ නිලධාරීන් එයි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද 2න් පස්සේ වෙන්නේ මේකයි

ජුනි අන්තිමට සහනාධාරය ඉවර වෙයිද? - ඩීසල් සහ පෙට්‍රල් මිල ගැන තෙල් සංස්ථාව කියන ඇත්තම කතාව

ජුනි අන්තිමට සහනාධාරය ඉවර වෙයිද? - ඩීසල් සහ පෙට්‍රල් මිල ගැන තෙල් සංස්ථාව කියන ඇත්තම කතාව