මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි
Anura Dissanayake
Sri Lanka
Narendra Modi
India
Sinhala news
By Akash
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන අප්‍රේල් මස 5 වන දින දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත බව ද පැවසු ජනාධිපතිවරයා, රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බව ද පැවසුවා.
මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
