ප්‍රථම වතාවට සමලිංගික පෙළපාලියකට එක් වූ අගමැති..

By Sewvandhi Feb 26, 2023 08:04 AM GMT
Report

ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බර්නීස් සිඩ්නි සමලිංගික පෙළපාලියකට සහභාගි වී තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සමලිංගික පෙළපාලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

ඔස්ට්‍රේලියාවේ ඔක්ස්වර්ඩ් වීදියේ, 12,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් එම පෙළපාලිය පවත්වා තිබූණි. 

 ඔස්ට්‍රේලියාවේ Covid-19  සීමා කිරීම් හේතුවෙන් 2019 වසරෙන් පසුව මෙවැනි පෙළපාලියක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් ප්‍රකාශ කර ඇත්තේ, මෙය නූතන ඔස්ට්‍රේලියාවේ සැමරුමක් ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now