පස්වන ශ්‍රේණියේ විභාග ගැටළුව ගැන දැන් ඇහෙන අලුත්ම කතාව..

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක්.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පළමු ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කණ්ඩායමක් පත්කර තිබූ අතර, ඔවූහු ඉකුත් දින කිහිපය පුරා මෙම සැකකරු සොයා පරීක්ෂණ සිදු කර තිබෙනවා.

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා