දින ගණනාවක් ඉන්ධන පෝලිමේ සිට, නිවසට යන අතරතුරදී දෙදරු පියා අවසන් ගමන්යයි..!

Report

දින කීපයක් හලාවත ප‍්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදීසිට නැවත සිය නිවස කරා යමින් සිටි කාර්මිකයකු හදිසියේ රෝගාතුර වී හලාවත කුරුණැගල මාර්ගයේ මුන්නේස්වරම ප‍්‍රදේශයේදී ඇද වැටී මරණයට පත්ව ඇති බව හලාවත පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත, රඹේපිටිය, පදිංචි ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නැමති 37 හැවිරිදි දෙදරු පියෙකි.

හලාවතට ඉන්ධන එන බවට ලැබුන ආරංචියක් මත 12දා කිලෝමීටර් 10ට අධික දුරක් යතුරුපැදියේ තෙල් ටැංකිය පාපැදියක බැද ඉන්ධනහලේ දිගු පෝලිමේ ගත කළත් ඉන්ධන නොලැබීම හේතුවෙන් නැවත නිවස කරා යමින් සිටියදී මුන්නේස්වරම ප‍්‍රදේශයේදී මාර්ගය අයිනේ වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.