සුපිරි සිව්දෙනාගේ තවත් තරඟයක් අද.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ සිව්වන තරඟය අද (12) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.
ශ්‍රී ලංකා පිල සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරඟයේදී බංග්ලාදේශය පිල ලකුණු 21කින් පරාජය කිරීමට සමත්වුණා.
ශ්‍රී ලංකා පිල අද තරඟය ජය ගතහොත් ඔවුන් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
තරඟය අද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මේ අතර ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් අතර ඊයේ (11) පැවතී තරඟය ලකුණු 228කින් ජය ගැනීමට සමත් වුණේ ඉන්දීය කණ්ඩායමයි.