අනුරගේ තවත් බොරුවක්… ඒවා නතර කළේ රනිල්….! – තිස්ස

Report

මෙතෙක් කල් ඇමතිවරුන් ඇමති වැටුප සහ මන්ත්‍රී වැටුප යන දෙකම ලබා ගත් බවට ජනාධිපති අනුර දිසානායක සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

දකුණේ තවත් වෙඩිල්ලක්... පාතාලයේ සෙල්ලමක් ද?

ඔහු පෙන්වා දෙන්නේ 2001 එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ ආර්ථිකය යහපත් නොවන නිසා ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුප පමණක් ලබා ගන්නා ලෙස නියෝග කළ බවයි.

එලෙස වැටුප් දෙකක් ගෙවිය නොහැකි බවත් එය විගණනයේ දී විශාල ගැටලුවක් වන බවත් සඳහන් කළ තිස්ස අත්තනායක මෙය ජනතාව නොමග යැවීම සඳහා සිදුකළ ප්‍රකාශයක් බවට ද චෝදනා කරයි.

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් දිනය අදයි!

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් දිනය අදයි!

අනුර දිසානායක සිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුපට වැඩ කරන ලෙස හෝ නියෝග කර නොමැති බව ද ඔහු සඳහන් කරයි.