කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිජීවක එන්නතක් නිසා තවත් ජීවිතයක් අහිමි වෙයි.

Report

කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව රෝගියෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ,පිළිස්සුම් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ 31 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට සෙෆියුරොක්සීම් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට බැංකු ණය පොළිය තව දුරටත් පහළට. - නව ප්‍රතිශතය මෙන්න.

මෙරට බැංකු ණය පොළිය තව දුරටත් පහළට. - නව ප්‍රතිශතය මෙන්න.


එන්නත ලබාදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමේදී කොළඹ ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, අදාළ පුද්ගලයාගේ මරණය පිළිබඳව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම ප්‍රතිජීවක ඖෂධය ලබාදීම හේතුවෙන් එම මරණය සිදුවී ඇත් ද එසේත් නැතිනම් ඊට වෙනත් හේතුවක් බලපා ඇත් ද යන්න පිළිබඳ එහිදී අනාවරණය කරගත හැකි බවත්, කෙසේ වෙතත් මියගිය රෝගියාට ලබාදුන් බව කියන ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.  

..........................................................

May  you Like