දේශබන්දුට තවත් නඩුවක්!!!

Sri Lanka Magistrate Court Deshabandu Tennakoon
By Gagana News Feb 24, 2025 05:22 AM GMT
Gagana News

Gagana News

Report

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දුන්නේය.

උණුසුම ගැන දැනුම් දිමක්

උණුසුම ගැන දැනුම් දිමක්

එම නිසා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනම් දින ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළේය.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයල් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් නවයක් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බවය.

ඒ අනුව එම නිර්දේශ පදනම් කරගෙන තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

 

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි

ඡන්දය තියන්නේ කවදාද? මැ.කො කියයි


ReeCha