වේදිකාව මාරු වුණාවත්ද?..

Election Commission of Sri Lanka Polonnaruwa Sajith Premadasa Sri Lanka Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 18, 2024 02:24 AM GMT
Piyumika

Piyumika

Report

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන ජනහමුවක් අමතමින් සිටියදී අතරමගදී ජන හමුව ඇමැතීම නතර කර වේදිකාවෙන් බැසීමට සිදුවිය.

සෝදිසි වරෙන්තුවකට සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්ට වැඩ වැරදි..

සෝදිසි වරෙන්තුවකට සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්ට වැඩ වැරදි..

එසේ ඔහු වෙදිකාවෙන් බස්සවනු ලැබුවෙ එම ජන හමුව පැවැත්වෙන අතරතුර යම් පිරිසක් ලබා දුන් තොරතුරක් මත එහි පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකයේ ප්‍රධානි රුවන් රාජශිල්ප මහතා පවතින මැතිවරණ නීති අනුව ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කළ නොහැකි බව පැහැදිලි කරදීම හේතුවෙනි.

දඹ රන් පිළිමය කොල්ල කන්න ආපු හොරුන් ඇල්ලූ මහා මෙහෙයුම..(PHOTO)

දඹ රන් පිළිමය කොල්ල කන්න ආපු හොරුන් ඇල්ලූ මහා මෙහෙයුම..(PHOTO)

ඒ අනුව ලබා දුන් උපදෙස් මත සිඩ්නි ජයරත්න මහතාට එම රැලිය ඇමැතීම නතර කිරීමට සිදුවිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මාතර සහ තංගල්ල ප්‍රදේශවල මැතිවරණ රැස්වීම් කිහිපයකට ගොඩවී කතා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයකු වන ප්‍රේමසිරි මානගේ මහතාට ද පසුගිය ද චෝදනා එල්ල විය.