අදින් අවසන් ..2024 සා පෙළ විභාග අපේක්ෂකයින්ට සිහිකැදවීමක් ..

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Piyumika Dec 10, 2024 03:45 AM GMT
Piyumika

Piyumika

Report

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බවය.

අපරික්ෂාකාරී බව නිසා පවුල් දෙකක සිහින කන්දක් එක නිමේෂයකින් වැනසී යයි..

අපරික්ෂාකාරී බව නිසා පවුල් දෙකක සිහින කන්දක් එක නිමේෂයකින් වැනසී යයි..

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30 වනදා තෙක් කාලය ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

"මම සියලූම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා පාසල් අපේක්ෂකයින්ගෙන් හා පෞද්ගලික අපේක්ෂකයින්ගෙන් අද දිනය ඇතුළත තමන්ගේ අයඳුම්පත් යොමු කරන්න. මොකද කිසිදු හේතුවක් නිසා අද දින මධ්‍යම රාත්‍රී 12න් පසුව අයඳුම්පත්‍ර භාරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම තදින්ම අවධාරණය කරනවා මේ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන යම් අයෙක් වේනම් රාත්‍රී 12ට පෙර ඔබගේ අයඳුම්පත මාර්ගගත ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා."

You may like this video

ReeCha