මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Report

ජුනි 10 සහ 11 යන දිනවල නාරාහේන්පිට පිහිටි එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විශේෂ “වාහන සුසර කිරීමේ දන්සලක්” පවත්වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාහන ඇණියේ බහුතරයක් වන යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බොහෝ විට ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නිසි නඩත්තුවක් නොලැබෙන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස හානිකර විමෝචනය වැඩි වන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙහි මෝටර් රථ වායු විමෝචන භාර අරමුදල විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වන්නේ පරිසර දූෂණය අඩු කරන අතරම වාහන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමයි.

දේශපාලන පෙරළියක් කරන්න මුතුගල සර් ඇත්තටම වයඹ මහ ඇමති පුටුවට එනවද? මුතුගල සර්ම කට අරියි

දේශපාලන පෙරළියක් කරන්න මුතුගල සර් ඇත්තටම වයඹ මහ ඇමති පුටුවට එනවද? මුතුගල සර්ම කට අරියි

මෙම මුලපිරීම යටතේ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ හිමිකරුවන්ට රටේ වඩාත්ම පළපුරුදු කාර්මික ශිල්පීන් කිහිප දෙනෙකුගෙන් නොමිලේ වාහන සුසර කිරීමේ සේවා ලබා ගැනීමට හැකි වනු ඇත.

ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, වාහන හිමියන් සඳහා අනවශ්‍ය ඉන්ධන පිරිවැය අඩු කිරීම සහ පරිසරයට මුදා හරින හානිකර විමෝචනය අවම කිරීම සඳහා මෙම වැඩසටහන අපේක්ෂා කරන බව    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ පැවසීය.

Gallery