සියළු පොලිසිවලට පීකර් බැඳගෙන දැනුම් දෙන්න කියල හදිසි නියෝගයක්
By Akash
ශ්‍රී දළඳා වන්දනාවට සුදුසු වාතාවරණයක් දැනට නොපවතින බැවින් ඒ පිළිබඳව සෑම පොලිස් ස්ථානයකටම අයත් ත්‍රී රෝද රථයක හෝ වෙනත් සුදුසු රථයක ශබ්ද විකාශන යන්ත්‍රයක් සවිකර, අදාළ පොලිස් වසමේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සංචාරය කර ජනතාව දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක කටයුතු ආදී සුබසාධන සේවා සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් සැපයීමේදී ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බවත්, අධික රථවාහන තදබදයක් මහනුවර නගරය ආශ්‍රිතව පවතින බවත් වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට සඳහන් කර තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බැතිමතුන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.