නීතිවිරෝධීව ඉන්ධන රැස්කළ අයෙක් අත්අඩංගුවට

Report

මොරගහහේන ගෝනපල ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඉන්ධන විශාල ප්‍රමාණයක් තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුගේ නිවසේ ඉඩමක නවතා තිබූ බවුසර් රථයක ඩීසල් ලීටර් 6,600ක් සොයාගෙන ඇත.

ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා

ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට මෙරටට ආරාධනා

එමෙන්ම නිවස තුළ සඟවා තිබූ බැරල් දෙකක ඩීසල් ලීටර් 152ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් ද සොයාගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ගෝනපල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි. සොයාගත් ඉන්ධන සියල්ල සහ බවුසර් රථය තවදුරටත් පරීක්ෂණ සඳහා භාරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

2027 කාන්තා ශුරයන්ගේ කුසලානය ශ්‍රී ලංකාවේ දී

2027 කාන්තා ශුරයන්ගේ කුසලානය ශ්‍රී ලංකාවේ දී