නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වෙයි

By Akash Apr 04, 2025 08:24 AM GMT
Report

 නාඳුනන කාන්තා මළ සිරුරක් වෙරළ තිරයක තිබී සොයා ගෙන තිබෙනවා.

මොරටුව පොලිස් වසමට අයත් උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරල තිරයේ කාන්තා මළ සිරුරක් ඇති බවට ලද තොරතුරකට අනුව මොරටුව පොලිසිය විසින් මෙය සොයා ගෙන තිබෙනවා.

මරණකාරිය කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වයස 58 කාන්තාවකි.

මෘතශරීරය හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ සදහා කළුබෝවිල රෝහලේ මෘත්ෂරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.