නාදුනන මළසිරුරක් වැවකින් හමුවේ..

Report

මුලතිව් අයියන්ගන්කුලම් වැවේ තිබී නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම ගම්මානයේ ධීවරයින් පිරිසක් විසින් ඊයේ (06) සොයා ගෙන තිබුණි .

ඔවුන් මළ සිරුරක් වැවේ පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබදව අයියන්ගන්කුලම් පොලීසියට පැමිණිලි කර ඇත .

නිලාවේලී මුහුදේ නාන්න ගිය 6කගේ දිවි අනු නවයෙන් බේරා ගත් මෙහෙයුම ..

නිලාවේලී මුහුදේ නාන්න ගිය 6කගේ දිවි අනු නවයෙන් බේරා ගත් මෙහෙයුම ..

පොලීසිය පැමිණ මළ සිරුර පරීක්ෂා කොට බලා ඒ සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කර තිබේ .

ඒ අනුව මේ වන විට මළ සිරුර මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇතත් මියගිය පුද්ගලයා කවුරුන්දැයි දන්නා අයෙකු නොමැති නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නොහැකිව ඇති බවයි සදහන් වනුයේ .