සැලකිලිමත් වෙන්න නිකන්ම නිකන් හෙම්බිරිස්සාවක්නේ කියලා ජිවිතේ අනතුරේ දා ගන්න එපා..

Sri Lanka Virus National Health Service Doctors
By Piyumika Feb 15, 2025 03:16 AM GMT
Piyumika

Piyumika

Report

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බිහිසුණු අනතුරකට.....(VIDEO)

මගීන් 50කට වැඩි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බිහිසුණු අනතුරකට.....(VIDEO)

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවය.

මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා, 

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

"සාමාන්‍යයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්,විශේෂයෙන් නහය සිරවීම,වතුර ගලන ගතිය, උගුර ඉදිමෙන ගතිය, කැස්ස සෙම සමග උණ වගේ රෝග ලක්ෂණ තියනව නම් ගොඩක් වෙලාවට ඒක ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මික තත්වයත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේකට බලපාන්නේ ක්ෂුද්‍ර ජීවින්. ක්ෂුද්‍ර ජීවින් ⁣වර්ග ගොඩක් ඉන්නවා. ඒ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් ඉහත ලක්ෂණ ඇති කරන්න පුලුවන්. සමහර අයට මේක සුලු ආබාධයක් වෙන්න පුලුවන්. ඒත් සමහර අයට ඒක නිව්මෝනියා වගේ දරුණු තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වැදගත්."


You may like this video

ReeCha