ඔබේ ඉඩමත් මෙලෙස ලැබූවක්ද.. ඉඩම් සම්බන්ධයෙන් රජය ගත් විශේෂ තීරණය..

Report

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනට බාධා ..

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනට බාධා ..

විමර්ශනයෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

අනේ කොහොම මේ දුක වාවන්නද..ඇසිල්ලකින් සුරතල් දඟයෙකුට ජීවිතය අහිමි වූ ඛේදවාචකය..

අනේ කොහොම මේ දුක වාවන්නද..ඇසිල්ලකින් සුරතල් දඟයෙකුට ජීවිතය අහිමි වූ ඛේදවාචකය..

"කර්මාන්තවලට, කෘෂිකර්මාන්තවලට ඉඩම් නිකුත් කරනවා LRC එක හරහා. නමුත් පහුගිය කාලයේ ඉඩම් බෙදා දුන්න ඒවා සහ ඉඩම් පවරපු ඒවා සම්බන්ධයෙන් විශාල ගැටලු තොගයක් තිබුණා. පහුගිය දවසක කැබිනට් එකෙන් තීරණයක් ගත්තා 2015 ඉඳලා මේ දක්වා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉඩම් ලබාදී තිබෙන්නේ කාටද ? මොන ව්‍යාපෘතිවලටද ? මොන පදනම යටතේ ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන තුරු LRC එකෙන් ඉඩම් දීම නවත්තන්න. අපි කඩිනමින් මේ පරීක්ෂණය කරලා, කාට ද මේ ඉඩම් දීලා තියෙන්නේ කියලා මේ සම්බන්ධයෙන් දුෂණ අක්‍රමිතා සිදුවෙලා ද කියලා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා."  

You may like this video