ප්‍රසිද්ධියේ සවිකර තිබූ කොණ්ඩම් යන්ත්‍රයක් ගලවා ගෙන යයි..
ලිංගාශ්‍රිත රෝග පැතිරීම පාලනය කිරීමේ අරමුණින් යාපනය ප්‍රදේශයේ සවිකර තිබූ ස්වයංක්‍රීය කොණ්ඩම් යන්ත්‍රය අතුරුදහන් වී ඇතැයි වාර්තා වනවා.
පුදුවේරි රෝහල් පරිශ්‍රයේ සවිකර තිබූ කොණ්ඩම් නිකුත් කරන යන්ත්‍රය මෙසේ අතුරුදන් වී ඇත්තේ.
ඒඩ්ස් ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා තෝරාගත් ස්ථානවල මෙම යන්ත්‍ර සවි කිරීමට රජය පසු ගිය දා කටයුතු කළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.
මේ අතර, HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ මහත්මිය පසුගියදා ප්‍රකාශ කළා.
ඒ අනුව, දිවයින පුරා තෝරාගත් ස්ථාන රැසක Condom Vending Machine සවිකිරීමටයි පියවර ගැනුනේ.
ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි මෙම Machine සවිකර තිබීම ද විශේෂත්වයක්.
ඒ අනුව Condom Vending Machine හරහා නොමිලයේ උපත් පාලන කොපු ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම ව්‍යාපෘතිය මීට පෙර එනම් 2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල ක්‍රියාත්මක කර ඇති අතර ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘතිය අඩාල වූ බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකතුමිය පසුගියදා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඇය පැවසුවේ, පසුගිය කාලයේ උපත් පාලන කොපු හිඟයක් තිබුණ ද මේ වන විට උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇති අතර සායනවලට පැමිණෙන පුද්ගලයින්ට ඒවා නොමිලේ ලබාදීම සිදු කරන බවයි..
