මෙරට ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වහා පැතිර යන රෝගයක් මතුවෙයි..133ක් රෝගී වෙලා.
මිනුවන්ගොඩ පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
මෙහි සේවක සේවිකාවන් හැටහතර දෙනකුට මුලින්ම රෝගය වැළඳී ප්‍රතිකාර සඳහා යොමුකර නැවත සේවයට වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ සමග තවත් සේවකයන් 69 දෙනකුට නැවත පැපොල රෝගය ආසාදනය වී ඇති බවයි හෙළිවී ඇත්තේ.
ඒ අනුව ඔවුන් මේවන විට කඩිනමින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.