කපා කොටා වන අලියෙක් ඝාතනය කෙරේ. - (PHOTOS)
වැල්ලවාය - තෙලුල්ල කිරිඳි ඔයේ තිබී කපා කොටා ඝාතනය කර තිබූ වන අලියෙකුගේ සිරුරු කොටස් හමු වී තිබෙනවා.
මීට පෙර මෙම ස්ථානයේදී ඝාතනය වූ වන අලි දෙදෙනෙකුගේ සිරුරුද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් වැල්ලවාය වන ජීවි කාර්යාල නිලධාරින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.


