ලබන 21 දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...
By Parami Dissanayake
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 21 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිත ය.