තවත් 16 හැවිරිදි දැරියක් පැහැරගැනීමට උත්සහයක්

By Madheeha_Naz May 16, 2023 06:25 AM GMT
Report

 මැදවච්චිය නගරය ආසන්නයේ දී වයස අවුරුදු 16ක දැරියක්ව බලෙන් රැගෙන යෑමට උත්සාහ කිරීමක් වාර්තා වී තිබෙනවා.

කඩිනමින් ක්‍රියාත්මක වූ දැරියගේ මව විසින් මැදවච්චිය පොලීසියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව සිදුවීමට අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන සම්බන්ධව විමර්ශන සිදුකිරීමේ දී එම කාලය තුළ එවැනි සිදුවීමක් වාර්තා නොමැති බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධව මාර්ගයේ අනෙකුත් CCTV දර්ශන පරීක්ෂා කර මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.    

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW