මිනී මරපු ඇමතිට මරණ දඬුවම් දෙන ලෙස ඉල්ලමින් අභියාචනාවක්

Report

හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට ඔහු මරණීය දණ්ඩනය නියම වී සිටි අයකි.

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

මෙම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබිණි. මෙම පෙත්සම ඉදිරිපත් කළ අගතියට පත් පාර්ශවය සඳහන් කර සිටින්නේ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බවය.

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

ඒ අනුව එම තීන්දුව බල රහිතකර විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය මගින් පනවන ලද මරණීය දණ්ඩනය යළි නියම කරන ලෙසත් එම අභියාචනාවලින් ඉල්ලා ඇත.