අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

Report

පසුගිය 24 වනදා පැවතී ගුරු - විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි.

ගුරු - විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතා හා ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිය කනගාටුව පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.