පෞද්ගලීකරණය පිළිබද විදුලි බල මණ්ඩලයේ නිවේදනයක්..
By Piyumika
පෞද්ගලීකරණයෙන් තොරව නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් තුළින් පමණක් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
විදුලි බල මණ්ඩල සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමස්ත සේවක මණ්ඩලය ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව සදහන්.
විදුලි බල පනත අනිවාර්යයෙන් සංශෝධනය කිරීමට මෙන්ම රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකිරීමට එහිදී සාකච්ඡාවී තිබෙනවා.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඉදිරි වසර 5 තුළ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම සදහා බලශක්ති අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග සදහා සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් කමිටුවක් ස්ථාපනය කිරීමටද යෝජනා වූ බවයි
