මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්....
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ පළාත් පාලන ආයතන 339 සදහා තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛන සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට සතියක කාලයක් ගත වන බවයි.
පළාත් පාලන ආයතනවලින් බහුතරය හිමිකරගත් පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඊයේ [08 වැනිදා] දැනුම් දී තිබෙනවා.
සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ඊයේ (08) මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.
පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
කොට්ඨාස මට්ටමින් තේරී පත් වී ඇති කාන්තා නියෝජනයන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පත් කළ යුතු කාන්තා නියෝජිතයන් පිළිබඳව දැනුම් දීමට නියමිතය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල පෙරේදා (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණා.
සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබෙනවා.
කෙසේවෙතත් බොහෝ පළාත් පාලන ආයතනවල සියයට 50කට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට යම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට නොහැකි වුවහොත් එවැනි පළාත් පාලන ආයතනවල නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපති පත්කිරීමේ හැකියාව ඇත්තේ පළාත් පාලන කොමසාරිස්ට බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
සියලු පළාත් පාලන ආයතනවල මංගල රැස්වීම ජුනි මස පැවැත්වීමට නියමිතය.
