රට පුරා පාන් කන සියලු දෙනාට විශේෂ පණිවුඩයක්..මේ ගැන අනිවාර්යෙන් දැනුවත් වන්න..
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවත්, එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතු බවයි පැවසෙන්නේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ, විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවයි.
You may like this

