ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හෙට දිවයිනට...

By Parami Dissanayake Aug 18, 2024 02:37 PM GMT
Report

හෙට (19) වැනිදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් මෙරටට පැමිණීමට නියමිත ය.

ඒ අනුව ඇය ලබන 21 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

ලබන 21 දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

ලබන 21 දා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

එම සංචාරය අතරතුර ඇය මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අමෙරිකාවේ සහය යටතේ ක්‍රියාත්මක වන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට සහ හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමට නියමිත ය.

එමෙන් ම, ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත ය.