"..දේශපාලනයට උදව් කරන ගැත්තන් මෙලෙස තමයි මරණයට පත් කරන්නේ.." හමුදා සෙබළෙක්ව නාදුනන පිරිසක් පැහැරගෙන ගොස්, ගසක බැද සිදු කළ බිහිසුණු ක්‍රියාව

By Sewvandhi Jul 28, 2022 07:36 AM GMT
Report

මඩකලපුව ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටින ගුවන් හමුදා භටයෙක් ව නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඔහුට පහර දී ගසක බැඳ තබා සිටිය දී බේරා ගෙන තිබේ.

අප කළ විමසීමක දී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා මේ බව තහවුරු කළ අතර ඔහු පවසා සිටියේ, අද (28) උදෑසන අදාළ ගුවන් හමුදා භටයාව බේරාගෙන ඇති බවය.

අරලගංවිල ප්‍රදේශයේ දී ඊයේ (27) සවස මෙය සිදුව ඇති අතර, නිවසේ සිට රාජකාරි ස්ථානයට යමින් සිටිය දී මෙයට මුහුණ දී තිබේ. අදාළ කණ්ඩායම විසින් එම ගුවන් භටයාගේ සිවිල් ඇඳුම් ඉවත්කර තිබූ බව ද වාර්තා විය.

"කෘර දේශපාලනයට උදව් කරන ගැත්තන්ව මේ විදියට තමයි මරණයට පත්කරන්නේ" යනුවෙන් ද්‍රවිඩ භාෂාවෙන් ලියූ පුවරුවක් ද ඒ අසල තිබී සොයාගෙන තිබුණි.

ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තුවාල ලැබු ගුවන් හමුදා භටයා මේ වනවිට වාලච්චේන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now