ප්‍රසිද්ධ සමාගමක සේවකයින් 9000ක් ඉවතට.

By krishani Mar 21, 2023 02:05 AM GMT
Report

ඉදිරි සති කිහිපය තුළ Amazon සමාගමේ සේවකයින් 9000 ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව එම සමාගමේ Cloud, වෙළඳ ප්‍රචාරණ සහ Twitch අංශවල සේවකයින් මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ සමාගම සැලකිය යුතු කාර්ය මණ්ඩලයක් එකතු කර ඇති නමුත් අවිනිශ්චිත ආර්ථිකය සැළකිල්ලට ගනිමින් එම සේවක කප්පාදුව සිදු කරන බව Amazon සමාගමේ ප්‍රධාන විධායක Andy Jassy පවසා ඇත.

මෙම සේවක කප්පාදුවට අමතරව මෙම වසර අවසානයේ දී තවත් සේවකයින් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව Amazon සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.