ඒඩ්ස් ගැන මෙරටින් ඇහෙන හිතන්නවත් බැරි ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් මෙන්න - ජනතාවටත් දැනුම්දීමක්..
By krishani
2023 වසරේ ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ජානකි විදානපතිරණ සඳහන් කළේ ය.
මෙම ආසාදිතයන් අතර පාසල් සිසුන් ද සිටින බැවින් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15- 24 යන වයස්වල පසුවන්නන් බව සඳහන් වේ.
මේ වන විට ඒඩ්ස් රෝගීන් සඳහා ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා.
එම ඖෂධය භාවිතයෙන් 2030 වසර වන විට ඒඩ්ස් ආසාදිතයන් ගණන 0.001 දක්වා අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සියලු පරීක්ෂණ සහ ප්‍රතිකාර නොමිලේ සිදු කරනු ලබයි.
ඒ හේතුවෙන් ජනතාවට අවශ්‍ය රුධිර පරීක්ෂණ සඳහා යොමු වන ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ය.