''ජූලි චන්ග් ලංකාවෙන් යන එක කිරිබත් කාලා, රබන් ගහලා සමරන්න ඕනෙ දෙයක් '' ගම්මන්පිල කියයි
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මෙරටින් පිටවීම කිරිබත් අනුභව කර රටපුරාම රබන් ගහලා සැමරිය දෙයක් යනුවෙන් වග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.
සිය ධූර කාලය නිම කර මෙරටින් පිටත්ව යාමට නියමිත මෙරට අමෙරිකානු තානාපතිනිය ජූලි චන්ග් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පළකලේ මෙවන් අදහසක්
''ලංකාවට අවුරුදු සාපයක් වෙලා හිටපු ඇමරිකානු තානාපති ජූලි චන්ග් ඊයේ දිනයේ මෙරටින් පිටවීම කිරිබත් කාලා රටපුරාම රබන් ගහලා සමරන්න ඕනේ දෙයක් තානාපතිවරියක් ඉන්නේ අවුරුදු 3 යි. හැබැයි ජුලී චන්ග් අවුරුදු 4ක් පුරාවටම තියාගන්න කටයුතු කළේ ඇමරිකාවේ ඕනේ එපාකම්වලට ඇමරිකාවට අවශ්‍ය විදිහට ශ්‍රී ලංකාවේ ඉතිහාසය ලියා තබමින් ඇමරිකාවේ අනසකට ශ්‍රී ලංකාව නතු කර ගනිමින් සමත් වුණ පළවෙනි ඇමරිකානු තානාපතිනිය ජුලී චන්ග් වන නිසා ''