ඇමරිකාවෙන් ඊශ්‍රායලයට රතු එළියක්.. ඇමරිකාව ගත් විශේෂ තීරණය මෙන්න.

United States of America Israel Israel-Hamas War Iran-Israel Cold War
By Aruna Oct 16, 2024 04:26 AM GMT
Aruna

Aruna

Report

ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා වහාම පියවර ගන්නා ලෙස අමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

අමෙරිකාව දන්වා ඇත්තේ, ඒ දින 30ක කාලයක් ද ලබා දෙමින්.

එසේ නොවුනහොත් අමෙරිකාව විසින් ඊශ්‍රායලයට ලබා දෙන හමුදා ආධාර කපාහරින බවයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය යනු මිත්‍ර රාජ්‍යයන් දෙකක් වනවා. ඊශ්‍රායලයට යුද ආධාර ලබා දෙන්නේද අමෙරිකාවයි.

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..

මාලිමා අපේක්ෂකයො පාර්ලිමේන්තු එන අලුත්ම ක්‍රමය මෙන්න..මෙවර පාර්ලිමේන්තු එන සංඛ්‍යාවක් ටක්කෙටම කියයි..


පසුගිය වසර පුරා ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහි යුද්ධය සඳහා ඊශ්‍රායලයට ගුවන් යානා, බෝම්බ, මිසයිල සහ ෂෙල් වෙඩි ලබා දුන්නේ අමෙරිකාවයි.

එවන් පසුබිමක අමෙරිකාව විසින් මෙලෙස ඊශ්‍රායලයට ලිඛිතව කළ දැනුම්දීම ප්‍රබල අනතුරු ඇඟවීමක් ලෙසටයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවට වාර්තා පළ වීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාසයේ ගාසා තීරයේ මානුෂීය ආධාර ව්‍යාපාරවලින් සියයට 90ක් ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර හෝ බාධා කර ඇති බවයි.

කෙසේවෙතත් තමන් හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නමුත් මානුෂීය ආධාර ඇතුළුවීම නතර නොකරන බවයි, ඊශ්‍රායලය මීට පෙර කියා සිටියේ .

කෙසේවෙතත් ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශයේ සිටින ලක්ෂ 4ක් පමණ වන පලස්තීනුවන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් පවතින බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

ඒ, අත්‍යවශ්‍ය සැපයුම් අවසන් වීම හේතුවෙන්.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.


ඒ අනුව ගාසා තීරයේ මානුෂීය ආධාර ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා ඊශ්‍රාලයලට ලබා දුන් දින 30 ක කාල සීමාව එළඹෙන නොවැම්බර් 05 වන දින ආරම්භ වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

අමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේද මෙම කාල වකවානුවක වීම ද විශේෂත්වයක්.