අමෙරිකානු ජනතාවගෙන් මෙරට ජනතාවට ලැබුණු දේ..

Report

අද(12) සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පිළිකා ඖෂධ සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය විසින් භාර දී තිබෙනවා.

මෙම ඖෂධ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 53.3. ක් අදාළ ඖෂධ අතර, කුඩා දරුවන්ගේ සමෙ රෝග ,ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත්.

අමෙරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය එරට ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙනුයි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දී ඇත්තේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ සඳහා ද අවශ්‍ය ආධාර උපකාර අමෙරිකානු රජය විසින් ඉදිරියටත් ලබා දීමට ඉදිරිපත් වන බව අමෙරිකානු තානාපතිනි Julie J.Chung මහත්මිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.