ඔන්න වසර 250කට පසු ඇමරිකාවටත් දැන් නිල වශයෙන් කෙනෙක් ඉන්නවා..

By Piyumika Dec 26, 2024 06:10 PM GMT
Report

 වසර 250 කට පසු අමෙරිකා එක්සත් ජනපදය සිය ජාතික පක්ෂියා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සුදු හිස සහ කහ හොට සහිත රාජාලියා දැන් නිල වශයෙන් අමෙරිකාවේ ජාතික පක්ෂියායි.

වසර 248 ක ඉතිහාසය තුළ අමෙරිකාවේ ජාතික ලාංඡනයේ සිටින්නේද මෙම පක්ෂියායි.

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

කිසිදු දේශපාලනමය බාධාවක් නෑ ..හාල්මැස්සෝ නෙවේ තොරා මෝරුම අල්ලන්න..

රාජාලියා, අමෙරිකාවේ ලාංඡනවල 1782 වසරේ සිට භාවිත කර තිබෙනවා.

එහෙත් මේ දක්වා එම පක්ෂියාට කිසිදු නිල තත්ත්වයක් ලබා දී තිබුණේ නැහැ.

ඒ අනුව පසුගිය සතියේ එරට කොංග්‍රස් මණ්ඩලය රාජාලියා ජාතික පක්ෂියා ලෙස නම් කිරීමට අදාළ පනතක් සම්මත කළා.

ඊට ජනාධිපති ජෝ බයිඩන් නත්තල් දිනයේදී අත්සන් කිරීමෙන් පසුව සුදු හිස සහ කහ හොට සහිත රාජාලියාට අමෙරිකාන තුළ නිල තත්ත්වයක් හිමි වුණා.

අනාරක්ෂිත බව දැන දැනම ඇයි එහෙම කළේ ..තරුණයකුට මරණය ගෙන ආ අනවසර ක්‍රියාව..

අනාරක්ෂිත බව දැන දැනම ඇයි එහෙම කළේ ..තරුණයකුට මරණය ගෙන ආ අනවසර ක්‍රියාව..

නමුත් ඇතැම් පාර්ශව රාජාලියා ජාතික පක්ෂියා ලෙස හැඳින්වීමට විරුද්ධ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙවැනි සත්ත්වයෙකු රට නියෝජනය කිරීමට සුදුසු නොවන බවයි ඔවුන් පවසා ඇත්තේ.

එහෙත් අමෙරිකානු බලධාරීන් පවසන්නේ සුදු හිස සහ කහ හොට සහිත රාජාලියා, ශක්තිය, ධෛර්යය, නිදහස සහ අමරණීයභාවයේ සංකේත ලෙස බොහෝ දෙනා විසින් හඳුන්වන බවයි.   

You may like this video