ප්‍රධාන ජල සැපයුම් මාර්ගයක හදිසි බිදවැටීමක්

Report

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් (පිපිරීමක්) හේතුවෙන් කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ,මෙම බිඳවැටීම හේතුවෙන් මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන් අත්හිටුවීමට සිදු වූ බවයි.

තවද, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජලය ලබා දෙන බවත් සඳහන්ය.

බහාලුම් ගැටලුව විසදිමට විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්

බහාලුම් ගැටලුව විසදිමට විශේෂ තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්

මණ්ඩලය විසින් දැනටමත් අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, හෙට (පෙබරවාරි 19) උදෑසන 6.00ට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රදේශවාසීන්ට අවශ්‍ය ජලය සඳහා විකල්ප ක්‍රම භාවිතා කරන ලෙසත් ඔවුන් ඉල්ලා තිබේ. මෙම බිඳවැටීම් පසුගිය කාලයේදී පුනරුච්චාරණය වී ඇති අතර, පැරණි පයිප්ප මාර්ග නිසා මෙවැනි ගැටලු ඇති වන බව වාර්තා වේ. 

දකුණු පළාතට සුබ ආරංචියක් - සියල්ල සූදානම් පෙබරවාරි 24 න් මේ ප්‍රශ්න ඉවරයි

දකුණු පළාතට සුබ ආරංචියක් - සියල්ල සූදානම් පෙබරවාරි 24 න් මේ ප්‍රශ්න ඉවරයි