පොඩි සුද්දාගේ මරුවා වූ වෙඩිල්ල

Report

අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (14) පස්වරු 6.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 39 හැවිරිදි තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස් නොහොත් 'පොඩි සුද්දා' නැමැත්තාය. 

අද සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල රැඳී සිටින අතරතුර ⁣යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතබා ඇති බව පැවසේ. 

බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

ඉස්ලාම් පල්ලියක පිපිරීමක් - කුඩා දරුවනුත් ඉඳලා

ඉස්ලාම් පල්ලියක පිපිරීමක් - කුඩා දරුවනුත් ඉඳලා

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුව උණුසුම් කරයි... සියල්ලන් වෙනුවෙන් මුද්‍රණයට...

බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුව උණුසුම් කරයි... සියල්ලන් වෙනුවෙන් මුද්‍රණයට...