ලෝක වාර්තාවක් තබමින් තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ මෙරට විස්මිත සැත්කම
මහනුවර පෞද්ගලික රෝහලක දී, අධික තරබාරුකම හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 61 හැවිරිදි කාන්තාවක් 'ලයිපොසක්ෂන්' නම් සැත්කමට ලක්කර තිබිණි.
එහි දී ඇයගේ උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ බවයි, වෛද්‍යවරුන් පැවසුවේ.
අවදානමක් පැවති නමුත් රෝගියාගේ අපහසුතාව ගැන සිතා සැත්කම සිදු කළ බවයි, විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේ.
Sponsored By Sarrita Jewellery